පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 25,000 ක් ගංවතුරට යයි


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැස්ස හේතුවෙන් පුත්තලම  ලුණු ලේවායන් තුළ ගබඩා කර තිබු ලුණු මෙට්‍රික් ටොන් 25,000 කට වැඩි ප්‍රමාණයක් දිය වි විනාශ වී ඇති බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ සභාපති රනිස් බදුර්දීන් මහතා පවසයි.

පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ ප්‍රධාන කාර්යාලයෙ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රනිස් බදුර්දීන් මහතා පවසන්නට විය.

එහිදි අදහස් දක්වමින් කරුණු ඉදිරිපත් කළ ඔහු පවසා සිටියේ පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයට අයත් ලේවාවල පමණක් ගබඩා කර තිබු මෙට්‍රික් ටොන් දස දහසකට වැඩි තොගයක් ගබඩා කර තිබු ගබඩා වලට ගලා ගෙන ආ ජලය හේතුවෙන් විනාශ වුනා.

ඒ වාගේම පුත්තලම,වනාතවිල්ලුව,මුන්දලම කල්පිටිය ප්‍රාදේශ වල පුද්ගලික ලුණු වගා කරුවන්ගේ අස්වැන්නෙන් තවත් මෙට්‍රික් ටොන් දහ දහසකට වැඩි  ප්‍රමාණයක් ජලයට මුසු වෙලා හානි වෙලා.

එයට අමතරව පුත්තලම ලුණු සමාගම හා තවත් මහා පරිමාන ව්‍යාපරිකයින්ගේ ගබඩා කර තිබු ලුණු තොග මෙට්‍රික් ටොන් 5000 කට වැඩි ප්‍රමානයක් විනාශ වෙලා.මේ අනුව පුත්තලම ලුණු නිෂ්පාදනයට ලොකු හානියක් වෙලා එයින් සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 120  කට වැඩියි.

ඒ වාගේම මේ වන විට මෙම කර්මාන්තයට දරුණු හානි එල්ලවි තිබේනවා.ලුණු ලේවායන් හා එහි යටිතල පහසුකම් මුළ සිටම ආරම්භ කරන තත්වයට ඇතැම් ලේවායන් පත්වෙලා.මාර්ග පද්ධති විනාශ වෙලා.මේ නිසා නැවත මෙම කර්මාන්තය ආරම්භ කරන්න විශාල මුදලක් වැය වෙනවා.ඒ සදහා රජයට අපි ඉල්ලීම් කරනවා අදාල සහන ලබා දෙන්න කියලා‘