පුත්තලමේ ගම් දනව් රැසකට අලාභ හානි කළ වල් අලින් තබ්බෝව හරහා විල්පත්තුවට එලවීමේ මෙහෙයුමේ සිව්වන දිනයට අද (20) වනවිට අඩුම ගණනේ අලි 60 දෙනකු පමණ විල්පත්තුවට පන්නා දැමූ බව වනජිවි නිලධරයෝ කියති. දින 20 මේ මෙහෙයුමට සිවිල් ආරක්ෂක බලකාය, යුද හමුදාව, වනජිවි නිලධරයන්ට සහාය වෙති. එහෙත් ගැමියන්ගේ සහාය ඉතා අල්ප බව වනජිවි නිලධරයෝ පවසති. අලින් විල්පත්තුවට යවා අලිවැට අළුත්වැඩියා කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

