පුත්තලමේ පොලිස් ලොක්කෝ විල්පත්තුවේ දඩයමේ ගිහින් අසුවෙති


විල්පත්තු රක්ෂිතයේ දඩයමේ ගිය බව කියන  10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තු වන ජීවී කාර්යාලය කියයි.

අත් අඩංගුවට ගත් පිරිස අතර පුත්තලම පොලිස් කොට්ඨාශයේ  විශේෂ අපරාධ විමර්ශන අංශයේ (එස්.සී.අයි.බී) කටයුතු කරන උසස් පොලිස් නිලධාරියකු සහ  උප පොලිස් පරීක්ෂක වරයකු ද සිටින බව වනජීවී කාර්යාල ආරංචි පවසයි.

 විල්පත්තු  වනජීවී  කාර්යාලයට  අනුබද්ධ එළුවන්කුලම කාර්යාලයේ නිලධාරින්  පොම්පරිප්පුව  ප්‍රදේශයේදී මෙම වැටලීම කර තිබේ.

03-(4) 05-(3)