පුත්තලමේ පොලිස් මාරුවට අධිකරණයෙන් දොස්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපෙක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය.

ඉහල නිළධාරින්ගේ උවමනා මත සිද්දිය වසං කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීම අගය කරන බවත් තාන්න මාන්න වලට යට නොවි නීතිය වෙනස් නොකරමින් කටයුතු කරන නිළධාරින් තමන් අගයන බවත් පැවසු මහෙස්ත්‍රාත්වරිය නීතිය වෙනස් කරන පිරිසට තමන්ගෙන් සමාවක් නොමැති බවත් අවධාරණය කළාය.

පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නේ යැයි කියමින් සැකපිට රිමන්ඩ් බරයට පත් කොට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පස් දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමටද නියම කළාය.

රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මුදාහළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්දියට අදාළ විමර්ශනවලට බාධා කළහොත් ඇප අවලංගු කොට යළි රිමාන්ඩ් බාරයට පත් කරන බව දැනුම් දෙමින් දැඩිව අවවාද කළාය.

මෙලෙස ඇප නියම වුයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනකු හා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුටය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ඉහල නිළධාරින් රැසක් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් රැසක්ද අධිකරණ භුමියේ රැදි සිටියහ.