
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලමේ පාසල් සඳහා සිසුන් ප්‍රවාහනය කරනු ලබන වැන් හා බස් රථ 32 ක් පරික්ෂා කළ පුත්තලම මෝටර් රථ පරික්ෂකවරයා එයින් 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් වෑන් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් දුන්නේය.
පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න කටුගම්පොල මහතාගේ මෙහෙය විමේන් අදාල පාසැල් බස් හා වෑන් රථ පරික්ෂාව සදහා රැගෙන ඒමට කටයුතු කර තිබුණි..
එහිදි අදාල බස් හා වෑන් රථ 32 ක් පුත්තලම දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක එච්.එම්.ආර් .හේරත් මහතා බස් හා වෑන් රථවල ඇතුලත හා පිටත ක්‍රියාකාරිත්වය එන්ජීන් වල පවතින දෝෂ,පාපුවරු වල ශක්තිමත් භාවය,තිරිංග ක්‍රියාත්මක ආකාරය ආලෝක පහන් ඇතුළු සියල්ල නිසි ලෙස පරික්ෂා කිරීම සිදුවිය.
එහිදි රියදුරන් බස් හා වෑන් රථ හසුරුවන ආකාරයද දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාගේ විශේෂ අවධානයට ලක්කර තිබුණි. ඒ අනුව බස් රථවල පවතින අඩුපාඩු නැවත සකසා කඩිනමින් තමන්ට පෙන්වන ලෙසට දන්වමින් අඩුපාඩු සහිත බස් හා වෑන් රථ 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් අබලන් තත්වයේ සිට පාසැල් සිසුන් ධාවනයේ යොදවා තිබු වෑන් රථයක් සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් ලබා දීමට දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කලේය.


