පුත්තලමේ පවුල් 47,222 ක් පීඩාවට


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසි සමඟ පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 16 යම ජලයෙන් යටවිමත් සමඟ  දරුණුතම හානියක් මේ වන විට සිදුව ඇති බවත් පවුල් 47,222 ක පුද්ගලයින්  173,165ක්  පිඩාවට පත්වි සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්.සිල්වා මහතා පවසන්නට විය.

දිස්ත්‍රික්කය පුරාම මෙලෙස ජල ගැලිම් හේතුවෙන් එකවර පිඩාවට පත්වු පිරිසක් මෙලෙස වාර්තා වෙමින් පවතින බවත් ඇතැම් ප්‍රදේශ වලට තවමත් විදුලිය ජලය හා දුරකථන පහසුකම් නිසි ලෙස නොමැති විමත් සමග ජනතාව තවත් පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් වරයා පවසන්නට විය.

ආපදාවන්ට ලක්වු පිරිස වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් සමග යුධ,ගුවන්,නාවික හා පොලිස් සේම සිවිල් ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයකින් තම දායකත්වය දක්වමින් සිටින බවත් ඒ සමග තවත් විවිධ පාර්ශවයන් තම දායකත්වය නිසි ලෙස දක්වමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඇති බවද පවසන්නට විය.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙ වැඩිම පිරිසක් පිඩාවට පත්ව පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට වන අතර එහි පවුල් 13004 ක පුද්ගලයින් 47939 ක් පිඩාවට පත්ව සිටිති.

ඉන් පසුව වැඩිම හානිය වාර්තා වෙන්නේ හලාවත ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට වන අතර එහි පවුල් 9214 ක පුද්ගලයින් 35943 දෙනෙකු පිඩාවට පත්ව සිටි.

ඒ සමග ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයෙ පවුල් 8923 ක පුද්ගලයින් 31200 ක පිඩාවට පත්ව සිටි.

ඒ සමග මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ පවුල් 7268 ක පුද්ගලයින් 27834 දෙනෙකුද කල්පිටිය පවුල් 3052 ක පුද්ගලයින් 10994 දෙනෙකු ද දංකොටුව පවුල් 1337 ක පුද්ගලයින් 4150 ක්ද අතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලද පිරිස් අවතැන්ව සිටිති.

මේ සමග ජල ගැලිම් හා ගංවතුරට හසුවි සිදුවු මරණ 10 ක් මේ වන විට වාර්තා වෙමින් ඇති අතර එය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පස් දෙනෙකු හා මුන්දලමින් දෙදෙනෙකු හා නාත්තන්ඩිය,කරුවලගස්වැව,වෙන්නප්පුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලින් මරණය බැගින් වාර්තා වෙමින් ඇති බව කියයි.

අවතැන් වු පිරිස් වෙත සහන සැලසිමට මේ වන විට මහත් වෙහෙසක් ගනිමින්  අදාල අංශ ජනතාව රැදි සිටින ස්ථාන වෙත ගමන් කරමින් සිටින බවත් ඇතැම් ස්ථාන වලට තවමත් ගමන් කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බවද පැවසෙයි.

මහ සුළගත් සමග ගස් කඩා වැටිමෙන් අඩාල වු විදුලිය ලබා දීමට ලංකා විදුල බල මංඩලයේ නඩත්තු අංශ සේවකයින් ඇතුළු කන්ඩායම් මේ වන විට තම දායකත්වය දිවා රාත්‍රි ලබා දෙමින් ඇති ආකාරයද දැක ගත හැකිය.

ඒ සමග ඇතැම් ප්‍රදේශ වලට පානිය ජලය ලබා දීම මේ වන විටත් ලැබි නොමැති බවත් ඒ සදහා විදුලිය ඇණ හිටිම බාධාවක් වි ඇති බව කියයි.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙ වනාතවිල්ලුව,ආරච්චිකට්ටුව,හලාවත,නාත්තන්ඩිය,වෙන්නප්පුව,දංකොටුව මාදම්පේ යන ප්‍රදේශ වලට විදුලිය තවමත් නොමැති බව ජනතාව  පවසයි.

කෙසේ නමුත් ජනතාව වෙනුවෙන් තම උපරිම දායකත්වය දක්වමින් මේ වන විට රාජ්‍ය නිළධාරින් හා අනිකුත් කණ්ඩායම් එක්වි අදාල පහසුකම් ලබා දීමට කටයුතු කරමින් ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නට විය.