පුත්තලමේ ඡන්ද උසාවියේදී ගණන් කරයි


පුත්තලමේ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් සොයාගත්  ඡන්ද  මලු වල ඡන්ද,  පුත්තලම  මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද (04) පුත්තලම අධිකරණයේදී  ගණන් කිරීම ඇරැඹීණි.

රහස් පොලීසියේ ප්‍රධාන පරීක්ෂක  පී ඩබ්ලිව් වික්‍රමසේකර ,පුත්තලම අතිරේක දිසාපති ජේ පී  එම් ආර් බණ්ඩාර, පුත්තලම හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වන  සුමිත් චන්දන හා ඒ ඕ නෆීල් යන  මහත්වරු ඉදිරියේ ඡන්ද ගණන් කිරීම සිදු වෙයි.

එක් ඡන්ද පෙට්ටියක ඡන්ද ගණන් කර අවසන් වු අතර අනෙක් ඡන්ද පෙට්ටි ගණන් කෙරේ.