පුත්තලම , ආනමඩුව, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල හා වනාතවිල්ලුවේ ගවයන් අතර කුර මුව රෝගය පැතිර යතියි ගවපට්ටි හමියෝ කියති.
1992ට පසු රෝගය පැතිර යන බවත්, සතුන් රැසක් මිය ගොස් ඇති බවත් ඔවුහු පවසති.
වයඹ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් තිලකරත්න මහතා පවසනුයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එන්නතක් සතුනට ලබා දෙන බවයි.
‘එම එන්නත ගවයාගේ ශරීරයේ ක්‍රියාත්මක වීමට දින 20ක් පමණ ගත වෙනවා. රෝගය වැළැක්වීමේ සියලු පියවර ගෙන තිබෙනවා.‘

