පුත්තලමේ කලපු රීට් විරෝධතා වෙසක් මහේ


පුත්තලම කලපුව ඔස්සේ  මුහුදු මාර්ග ඔස්සේ  නොරොච්චෝලේ  ගල් අඟුරු බලාගාරයට අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්  ඇදීමට ගෙන ඇති තීරණයට එරෙහිවගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන  ලිඛිත දේශන හා හා විරෝධතා  මැයි 6 වැනිදාට පෙර ගොනු කරන්නැයි  අභියාචනාධිකරණය ලංකා විදුබල මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන්ට අද (17) නියෝග කළේය.

මෙම ක්‍රියාව නිසා  කලපුවේ ජෛව විවිධත්වයට හානි සිදු වෙතියි පුත්තලම වලර්පිරායි ධීවර සංගමය එන් එම්  රියාස්  හා ඒ එල්  අන්වර්ඩීන්  ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ  හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝග නිකුත් ක‍ළේය.

 අභියාචාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ  මහතා හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

ලංකා විදුලිබල මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ තාක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්  පුත්තලම දිස්ත්‍රික් ලේකම්,විදුබල හා බල ශක්ති අමාත්‍යවරයා,ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල සභාපතිවරයා වගඋත්තර කරුවන් වෙති.