
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි පුත්තලම ලුණු නිෂ්පාදකයෝ පවසති.
මෙතරම් ලුණු අස්වැන්නක් ලැබුණේ වසර පහකට පසු බව කියයි.
මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බව ලුණු වගාකරුවෝ පවසති.
පසුගිය වසර ගනනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල විය.
ඒ හේතුව නිසාම රටේ ලණු පරිභෝජකවට අවශ්‍ය ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුණේ ලුණු හිගයට පිළියම් ලෙසිනි.
ශ්‍රි ලංකාවේ සමස්ථ ලුණු අව්‍යශතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වෙයි.එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සදහා අවශ්‍ය ප්‍රමානයයි.


