පුත්තලමෙ ජුරාසික් පොසිල රකින්න යයි


පුත්තලම එළුවන්කුළම සහ තබ්බෝව ප්‍රදේශවල දක්නට ඇති මයෝසීන සහ ජුරාසික් පොසිල රැක ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව පුරා විද්‍යා ගවේෂකයකු වන කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා කියා සිටී.

ජුරාසික් පොසිල වසර කෝටි 25කට වඩා පැරණිය.

එළුවන්කුළම-අරුවක්කාළු ප්‍රදේශයේ සිට කන්කසන්තුරේ දක්වා මුහුදු තීරයේ මයෝසීන පොසිල වසර දස ලක්ෂ ගණනක් දක්නට ඇති බවත්, මේවා වසර සිය ගණනක් පැරණි බවත් මනමේන්ද්‍රආරච්චි මහතා කියයි.

(ජුරාසික් පොසිල ආදර්ශනයක්)