ඊශ්‍රායල හා පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවත්නා බිහිසුණු සටන් වලට එරෙහිව පුත්තලමේ මුස්ලිම් වැසියෝ අද (29) දහස් ගණනින් විරෝධය පෑහ.
මෙතෙක් පැවති සටන් වලින් අඩු ගණනේ අටසියයකට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි මැද පෙර දිගින් වාර්තා වේ.පන්දහස් හත්සීයකට වැඩි පිරිසක් තුවාල ලදහ.
එයින් වැඩි දෙනා පලස්තීන වැසියෝය.ඊශ්‍රායල් සෙබළු තිස්තුන්දෙනෙක් ද සාමාන්‍ය වැසියෝ තිදෙනෙක් ද රොකට් ප්‍රහාර වලින් මරුමුවට පත් වුහ.
දෙපාර්ශවය අතර සතියක සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් වෙහෙසේ.
ඡායාරූප - රෝවන් පෙරේරා












