වයඹ ඡන්ද පත්‍රිකා තොගයක් ඡන්දය ගණන් කිරීමෙන් පසුව පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලෙන් අවස්ථා දෙකකදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් කරන බව පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.
රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේ ඡන්දය සම්බන්ධයෙන් කිසිම දූෂණයක් සිදු වී නැති බවයි.
ඒ අනුව ඡන්ද පත්‍රිකා පුත්තලම සහකාර මැතිවරණ නිලධරයාට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
අවස්ථා දෙකකදී පුතත්ලම ඇන්ඩෘ විද්‍යාලයයේ තිබී ඡන්ද පත්‍රිකා 6386ක් හමු වී ඇත.