පුත්තලම් ගුරුවරු ලෙඩ වෙති


නවගත්තේගම පාසල් ගුරුතුමියක වන සුසිලා හේරත් මහත්මිය පාසලේ දී දණ ගස්වා දඬුවම් කළැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අණමඩුව මහේස්ත්‍රාත් උසාවියට අද උදේ රැගෙන ඒමට නියමිතව සිටියේය. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීම නිසා පාසල් පැමිණිම අද බෙහෙවින් ම අඩු විය. ඊට හේතුව මෙම දඬුවමට විරෝධය පළ කිරීම බව දැන ගන්නට ඇත.