පුත්තලම සේප්පුව කැඩීම ඇතුළෙම වැඩක්


පුත්තලම පෞද්ගලික මුල්‍ය ආයතනයේ  සේප්පුවෙන් සොරා ගන්නා ලැදැයි කියන රුපියල් ලක්ෂ 23 න් 18 ක් ම සොයාගත් බව පොලීසිය කියයි.

සමාගමේ සියළු සේවකයන්ගෙන් ප්‍රශ්න කළ පොලීසිය සමාගමේ සේප්පුවේ යතුරු බාරව සිටි දෙදෙනාගෙන් කෙනෙකු වන අයකැමිද පොලීසියට කැඳවා ප්‍රශ්න කර ඇත.එම ආයතනයේ සිසිටිවී ආරක්ෂක කැමරා ක්‍රියා විරහිත කැර සේප්පුව විවෘත කැර ඇති බව පොලීසිය කියයි.

ඉතිරි රුපියල් පන් ලක්ෂය සෙවීමට පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා ඇත.