පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් කොළඹට මාරු


පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරැ කර ඇත.

ඔහු භාරයේ තිබූ ලිපි ලේඛණ සීල් තබා තිබේ.

නව සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස සමන්ත ජයසිංහ මහතා කොළඹින් එහි යවා ඇත

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ කාමරයක තිබූ ඡන්ද පත්‍රිකා මලු දෙකක් සොයා ගැනීමෙන් පසු රහස් පොලිසිය සහ මැතිවරණ කොමාසරිස් මහින්ද දේශප්‍රිය මහතා ද වෙන වෙනම පරීක්ෂණ සිදු කරයි.