හිග වැටුප් ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ගනිමින් සමස්ථ ලංකා සුව සහන සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව පවත්වන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සමගාමීව පුත්තලම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද වර්ජනයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් බාහිර රෝගීන් හා නේවාසික රෝගීන් දැඩි අපහසුතාවට ලක්වී ඇති අතර රෝහල් කටයුතු සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් කැඳවා ඇතැයි රෝහල් බලධාරීහු පවසති




