පුත්තලම රෝහලම අද වැඩ නෑ


පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති.

කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක පුත්තලම කොට්ටන්තිව් රෝහලේ ගිලන් රිය හැපීමෙන් වෛද්‍යවරියක ඇතුළු දෙදෙනකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරාට මුන්දලම පොලිසියෙන් තදබල අසාධාරණයක් කර ඇතැයි ඔවුහු කියති.

කටඋත්තරයක් දීමට පවා නොහැකිව සිහිසුන්ව සිටින එම රියදුරාට නින්ද යාම නිසා අනතුර සිදුවීයැයි පොලිසිය ලොරි රියදුරාගේ පැත්ත ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති.

S1060003

S1060006 S1060008 S1060013