පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදීලා


වල් අලි ප්‍රහාරයෙන් ගැමියකු මිය ගිය සිද්ධිය සැළවී පුත්තලම කල්අඩි හංදියට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් තමාටත් තම රියදුරාටත් පහර දුන්  බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් මලික් මහතා පවසයි.

ඔහුගේ රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටියි.

මිනිසුන්ගේ දුක්ගැනවිලි විමසීමට තමා එහි ගිය බවත්, එහෙත් පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු නිසා ආපසු ඒමට සිදුවූ බවත් ප්‍රාදේශීය ලේකම් පුත්තලම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.