පුත්තලම නගර සේවකයෝ මහ රෑ උද්ඝෝෂණයක


පුත්තලම නගර සභාවේ බදු එකතු කරන්නකුට සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන්නැයි නගර සභා සේවකයෝ පුත්තලම නගරයේ අද (2) සවස උද්ඝෝෂණයක් ඇරඹූහ.

නගරසභා වාහන ද ගෙනවුත් ඔවුහු  රෑ බෝ වීමෙන් පසුව ද උද්ඝෝෂණය කළහ. පහර දුන්නැයි කියන මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම උද්ඝෝෂණය ඇරැඹූහ.

පහර දුන්නැයි කියන මන්ත්‍රී එච්. යූ කබ්රි මහතා පවසනුයේ පොලිසිය ද සමග තමා සති පොළේ  සංචාරය කළ බවයි.  පහර දුන්නැයි කියන කථාව ඔහු ප්‍රතික්ෂේප කරයි. මෙතෙක් ඉරිදා  පැවැති සති පොළ අද සිට සෙනසුරාදා පැවැත්වීම ගැන මහජන අදහස් විමසීමට එහි ගිය බව ඔහු කියයි.