පුත්තලම - හලාවත පාරේ විරෝධයක්


මුන්දලම - බරනන්කට්ටුව මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ලෙස  ඉල්ලමින් ගම්වැසියෝ අද(18) සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් පුත්තලම - හලාවත මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇති විය.

බරනක්කට්ටුව රජයේ විද්‍යාලය අසලට එක්වූ ගම්වාසීහු  අබලන් මාර්ගය ඔස්සේ  සැතපුම් 05 ක් පමණ දුරක් ගෙවමින් මුන්දලම නගරයට පැමිණ විරෝධය පෑහ.

විරෝධතාවයට එක්වී සිටි ස්වාමීන් වහන්සේ නමක් හා වයඹ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා අතර පැවති දුරකථන සංවාදයකින් පසු ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදී ගැටලුවට විසඳුම් ලබාදීමට පොරොන්දු වීමත් සමග විරෝධය අවසන් කැරිණි.

DSC00626 DSC00632 DSC00664 DSC00669 DSC00674