පුතයි මිතුරයි දිගටම රහස් පොලිසියේ


බියගම විලේජ් හෝටලයේ අධිපති බර්නාඩ් ජයරත්න මහතා මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් නිෂාන් සුරංග හා ඔහුගේ මිතුරා වන සුගත් වික්‍රමසිංහ පරීක්ෂණ අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පූගොඩ මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා රහස් පොලිසියට අද නියෝග කළේය.

2012 පෙබරවාරි 20 වැනිදා දොම්පේ පහළ දොම්පේ ඔහුගේ වත්තේදී කපා කොටා මරා දැමිණි.

ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මුලින්ම ද, කොළඹ අපරාධ කොට්ඨාසය ඊළඟට ද  පරීක්ෂණ  කළේය.

පොලිස්පති නියමයෙන් රහස් පොලිසිය කැඳවූ පසු පුතා ද ඔහුගේ මිතුරාද අත්අඩංගුවට ගනු ලැබූහ.