පුණුරුත්ථාපන ඉල්ලීමට බෑ කියයි


ජනරාල් ලකී අල්ගම ජා-ඇළ දී 1999දී ඝාතනය කළැයි කියන කොටි සැකකරුවකු දඩුවම් නොකර පුණුරුත්තාපනය කිරීමට යැවීමට එරෙහිව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අෂාඩ් නවාවි මහතා කොළඹ මහාධිකරණයේ කරුණු දක්වා සිටියේය.

සැකකරුගේ නීතීඥයා කළ ඉල්ලීමට අනුව ඔහු එසේ කරුණු දැක්වීය.

ආර් ඒ අජිත් නොහොත් හිච්චිමල්ලී නම් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔහුට දඩුවම් නොකර පුණුරුත්තාපනයට යවන ලෙසයි.

ඔහු සමග තවත් සැකකරුවෝ හතර දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 110කට චෝදනා පත්‍ර ලබා සිටිති.

ආර් රවීන්ද්‍රන්,  ත්‍යාගරාජා ශ්‍රීධරන්, ජේ අජිත් කුමාරසිරි සෙසු සැකකරුවෝ වෙති.

එම ඉල්ලීම සළකා බැලීමට කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය සැත්තැම්බර් 13 වැනිදා තෙක් නඩුව කල් තැබුවාය.