පුගොඩ රට බීමහලක් කොල්ලකා ලක්ෂ 2ක් අරන් පනී


(උපාලි රණවීර)
 
පුගොඩ කුරුස කණුව හන්දියේ පිහිටි රටබීම අලෙවි හලකට බදාදා (5) රාත්‍රියේ රිවෝල්වරයක් අතැතිව මුහුණු ආවරණය කරගත් හතර දෙනෙකු එහි සේවකයින් බියගන්වා ලාච්චුවක තිබු රුපියල් 210,000ක මුදලක් කොල්ලකාගෙන ගොස් ඇතැයි පුගොඩ පොලිසිය කියයි.
ඔවුන් යතුරු පැදි දෙකකින් කිරිදිවැල දෙසට පලා ගොස් ඇති බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ. පුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසේකර මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කරයි.