පුංචි හදට සුවය සොයා පා ගමන අරඹයි


‘පුංචි හදට සුවය දෙන්න‘ මනුෂ්‍යත්වයේ පාගමන අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ විය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරාධිත කලාකරුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එම අවස්ථාවට එක්වූ අතර ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවහානිය එක්ව එය සංවිධානය කළහ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත හෘද සහ දැඩි සත්කාර ඒකක සහිත දස මහල් ගොඩනඅඟිල්ල ඉදිකිරීම සඳහා ආරම්භ කළ ‘ලිට්ල් හාට්ස්‘ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම පිණිස මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

_DSC0139 _DSC0144 _DSC0154 _DSC0172_DSC0211 _DSC0216 _DSC0222