පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිටු විදුහලේ දෙක තුන හතර පන්තිවල සිසුන් 18 දෙනකු විෂ ඇට වර්ගයක් ශරීරගත වී රෝහල් ගත කළ බව පුලස්තිගම හා පොළොන්නරු රෝහල් ආරංචි කියයි.
දිවා විවේකයේදී සෙල්ලම් කරමින් සිටි මෙම සිසුන් අසල ගසකින් කඩා ගත් ගෙඩි වර්ගයක් කා ඇතැයිද ඔවුන් එම ගෙඩි කන ඒවා බව සිතන්නට ඇතැයි ද රෝහල කියති.

