පුංචි සිත්තරුන් දැයට කිරුළේ


දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ විජය පුවත් සමාගමේ විජය පුවත්පත ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සංවිධානය කරන ලද “ මහමග අනතුරු වළකමු” චිත්‍ර තරගය අද පෙරවරුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී ආරම්භ කෙරිණි. පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  සිසු සිසුවියෝ 135 දෙනෙක් මීට සහභාගී වෙති.  සිසු සිසුවියන් 8000 කින් මෙම පිරිස තෝරාගත්තේය.