පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට


දෙමටගොඩ  කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රියේ යතුර ඇය තම පුතාට දී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.

රිය පැදවූයේ තමා යැයි ළමයාගේ මාමා කෙනෙකු අනතුර සිදුවූ අවස්තාවේ ඉදිරිපත් වූ විට ප්‍රදේශවාසීහු ඊට විරෝධය පාමින් කෑකෝ ගසමින් කලබල කළහ.

මිය ගිය මව සහ දැරිය රාත්‍රී ආහාරය සොයා යමින් සිටියදී මේ අනතුරට පත් වූ බවත් රිය පැද වූ බව කියන ළමයාගේ පියා පෙර දින රට ගිය බවත්, ඔහු මව සමග බොරැල්ලට යමින් සිටියදී අනතුර සිදු වූ බවත් පොලිසිය පවසයි.