මිහින්තලේ මහකනදරාව බෝගහයාය නාන තොටුපළක් අසළ අතරමංකර ගියැයි කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු තමන් බාරයට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි.
දරුවා හඬමින් සිටියදී එහි දියනෑමට ගිය යුවළකට ඔහු හමුවී ඇති අතර ඔහුගේ නම ආකාෂ් බව කියයි. දරුවාගේ මව නිලූකා බවත් පියා සම්පත් බවත් ඔහු පොලිසියට කියා ඇත.
තමා වව්නියාවේ සිට බසයකින් එහි පැමිණි බවද දරුවා සඳහන් කරයි.
ඡායාරූප - අතුල බණ්ඩාර





