පුංචි පුතා පිළිස්සු බාප්පා හිරේ


අවුරුදු දහයක දරුවකු පුළුස්සා වද හිංසා කළ මවගේ අනියම් සැමියාට කෑගල්ල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මෙනවිය  බරපතල වැඩ සහිත දස වසරක  සිර දඩුවමක්ද රුපියල් 5000 ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරක සිර දඩුමක්ද නියම කළාය. කිතුල්ගල ඉන්ඔය වත්තේ රෙන්ගයියා සේගන්ට මෙම දඩුවම නියම කෙරිණි. තම පියා මිය ගිය පසු ගෙදරට ආ බාප්පා  එක් දවසක් තමාගේ ඇගේ මිරිස්කුඩු අතුල්ලා  මිටියෙන්ද ගසා පිළිස්සු බව  උසාවියේදී කියා සිටියේය. දරුවා පරිවාස භාරයේ  තබන ලෙසද නියම විය.