පුංචි පහේ හපනා මාතර මෙතෝදිස්තයෙන්


මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු තැනට පත්වීමට මාතර ඌරුගමුව මෙතෝදිස්ත විදුහලේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව සිටී.

ඔහු ලකුණු 196ක් ලබා ඇති අතර දෙවැනි තැනට පත්ව සිටින්නේ ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විදුහලේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවියයි. වව්නියාව රම්බේකුලම් මහා විද්‍යාලයේ කෝකුලදාසන් අභිසිගන් ද ලකුණු 195ක් ලබා දෙවැනි ස්ථානය ලබා සිටී.

ලකුණු 194 බැගින් ලබාගත් සිසුහු 9 දෙනෙක් තෙවැනි ස්ථානය ලබා සිටිති. 

කෑගල්ල, දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ නදිනි සංදෙස්නා රාජපක්ෂ , කුලියාපිටිය අස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ තේජන කව්සිත් විජේකෝන්, ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ එම්.එම්.නෙත්මි සුබෝධිනී, ත්‍රිකුණාමලය කෝණේස්වර හින්දු විදුහලේ උදයරාජන් කොෂිකන්, ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එල්.පී. සෙනිත් දිල්වන් රාජපක්ෂ, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි, හොරණ රාජකීය විදුහලේ ලිසාදි ඉමෙත්මා හඳපාන්ගොඩ, කඩුවෙල මුණිදාස කුමාරතුංග කණිෂ්ඨ විදුහලේ රෙහාරා බිනෝලි මිස්කින් සහ යාපනය හින්දු ප්‍රාථමික විදුහලේ උමාශංකර් ජයනි යන සිසු සිසුවියෝ තෙවැනි තැනට පත්ව සිටිති.
මෙවර කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංඛ්‍යාව 159කි. 

පසුගිය අගෝස්තු 21 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියෝ 3,50,740ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

20161005_100239_resized

(පළමු ස්ථානය ලැබූ මාතර මෙතෝදිස්තයේ සිතිජ නිරාන්)

ඡායාරූපය - ක්‍රිෂාන් ජීවක ජයරුක්

01-Shi

(දෙවැනි ස්ථානය ලැබූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතියේ රුවන්යා ගුණසේකර)

ඡායාරූපය - දිනේෂ උපේන්ද්‍ර

Media-Announcement-05-1068x1471