පුංචි දැරිය ගින්නෙන් මරුට


ගෙට ගිනි තැබීමෙන් අවුරුදු දෙකක් වයසැති දියණිය මිය ගියැයි කියන සිද්ධියකට සැකපිට විස් හත් හැවිරිදි පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා අද නියෝග කළේය.

නිවසේ සිටි බිරිය, නැන්දම්මා සහ මස්සිනා ද සැකකරුද තුවාල ලැබූහ.