පළාත් පාලන ආයතන මැතිවරණ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි 08 වැනි දා කතානායක දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.
ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා සහ තවත් අයකු විසින් ගොනු කැරුණූ මේ පෙත්සමෙන් කියනුයේ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
පළාත් පාලන ආයතන මැතිවරණ පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 12 වැනි දා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. එහි ඇතුළත් වගන්ති කිහිපයක් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3,4,10,12(1)12,(2), 14 යන වගන්ති උල්ලංඝනය කර ඇතැයි මෙම පෙත්සම් මඟින් කියයි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සළකා බැලිණි.
ලිඛිත දේශන ලබන සිකුරාදා (29) හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කරුවන්ට සහ නීතිපතිවරයාට නියම කරන ලදී.
ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන්ද , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන විරාජ් දයාරත්න සහ නෙරින් පුල්ලේ යන මහත්වරු නීතිපතිවරයා වෙනුවෙන්ද පෙනී සිටියහ.

