ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රණය කළ යුතු බව මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ අද (20) බුත්තල දී පැවසූහ. එම රැස්වීමට හිටපු පළාත් නියෝජිතයෝ 65 දෙනෙක් සහභාගි සිටියහ. ඔවුන් පැවැසුවේ එසේ නොවන්නේ නම් තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඊට විකල්පයක් ගන්නා බවයි. බුත්තල සිරිසඳ හෝටලයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් සභාපතිවරු දස දෙනකු සහභාගී සිටියහ.




