පුංචි ඡන්දෙට බාලගිරි‌ දෝෂය


(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය  එළඹෙන 25 වැනිදාද  පැවැත්වීමට නොහැකි වනු ඇතැයි  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ අගමැතිවරයා අතර අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඡන්දය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.

දැන් තියෙන තත්වය අනුව 25  වැනි දා ඡන්දය තියන්න අමාරුයි. ඒක  ඕන කෙනෙකුට ඒක පේනවා. මොකද  තැපල් ඡන්දය තිබ්බේ නැති නිසා. කොමිසම  අප්‍රේල්  විසිපස් වැනිදාට පෙර ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක්  කරාවි.

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ  ඉල්ලීම්වලට  සාධාරණයක් ඉටු කිරීමට කැපවන බවට අගමැතිවරයා මෙහිදී ප්‍රකාශයක්  කළා. මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන ආකාරය ගැනත් සාකච්ඡා කළා.මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කියලා කිව්වා. අනතුරුව එම නිලධාරීන්  ඡන්දයට ඉදිරිපත්වන කොට්ඨාශයෙන් පිටත  ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා.