ලබන පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය පවත්වන බව මෛත්‍රීපාල ජනපති පයාගලදී අද ප්‍රකාශ කළේය.
කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන, මහ නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්දය ලබන 15 වෙනිදා සිට සුළු කාලයකට කොමසාරිස්වරයෙකුගේ පාලනයට යටත් කරණ බවත් ඉන්පසු කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පවත්වන බවත් ජනපති පැහැදිලි කළේය.
එහෙත් ඊට පෙර පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දැනට පවත්නා ක්‍රමය අනුව පැවැත්වෙනු ඇතැයිද ජනපති කීවේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)





