සියලූම පළාත්පාලන ආයතනවල කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් එදිනට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (29) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යයාලය වෙත පැමිණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වී ඉල්ලීමක් කළහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවසුවේ මැතිවරණ නිසි වේලාවට පවත්වන බවට පසුගිය මැතිවරණවලදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ජනතාවට පොරොන්දු වූ බැවින් පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.





