ලබන පළාත් පාලන ඒකාබද්ධ විපක්ෂය හා එක්ව මැතිවරණයට පෙර, නව දේශපාලන පෙරමුණක් ස්ථිර වශයෙන්ම බිහිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17) කීවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ පිළිබඳව ඉඟියක් ඉකුත් දා ලබා දුන් බවත් ඉදිරි මාස දෙකේ දී ඒ පිළිබඳව දැනගත හැකි වනු ඇතැයි ද බත්තරමුල්ල පැලවත්ත ජාතික නිදහස් පෙරමුණු කාර්යයාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කීය.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම නව දේශපාලන පෙරමුණක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද සිරස නාලිකාවේ සටන දේශපාලන සාකච්ඡාවට සම්බන්ද වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපයෙන් ඉදිරියේ දී මැතිවරණයට තරගවැදීමට බලාපොරොත්තු වුතත් ඒ සඳහා විවිධ බාධා එල්ලවන බවක් පෙනෙන්නට ඇති නිසා නව පක්ෂයක් බිහි වීමට ඉඩ ඇති බවයි.
ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ




