පුංචි ඡන්දයට පෙර මහින්ද මෛත්‍රී කණ්ඩායම් ගැටගහන්න යයි


යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් එක්ව සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා වලට අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුනොකරන්නේ නම් යෝජිත නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ඉඩනොදෙන බවද හෙතෙම පැවසීය.

පළාත් පාලන මැතිවරණයට පෙර මහින්ද,මෛත්‍රී පාර්ශව දෙක එකට ගැට ගැසීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කීය.