පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා වෙත බාරදී තිබෙන සීමා නිර්ණ වාර්තාවට අනුව කඩිනමින් මැතිවරණයක් කැඳවීමට විරුද්ධ වීමට දෙමළ ප්‍රගතශීලී සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කළ බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවසීය.
සීමා නීර්ණ වාර්තාවද සාධාරණය විය යුතු සේම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අවධාරණය කළ මැතිවරණ පනතේ ගැටළු සහිත තැන් 52ක්ද නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා කිරීමට ද එම පක්ෂ තීරණය කර තිබේ.
මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතශීලී සන්ධානය, ඊ.පී.ඩී.පී පක්ෂය හා යහපාලන ජනතා පෙරමුණ යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානයේ රැස්වී මේ ගැන සාකච්ඡා වකින් පසු එම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය තිබේ.
සුළු ජන නියෝජනයන්ට අසාධාරණ ආකාරයේ මැතිවරණ ක්‍රමයක් යෝජනා වී ඇත්තේ නම් එම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමටත් මෙම වාර්තාවේ සදහන් මැතිවරණ ක්‍රමයේ ගැටළුකාරී තැන් සර්ව පාක්ෂික සාකච්ඡාවක් කැදවා විසදා ගැනීමටත් මෙම පක්ෂ යෝජනා කර සිටියේය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා හමුවී සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය විය.

