පුංචි ඡන්දය වහාම ඉල්ලා දකුණෙන් උසාවි යති


පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලමින් මාතර හා ගාල්ලේ පළාත් පාලන ආයතන 18ක නියෝජිතයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු 24 දෙනෙක් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.