පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ පදනම් ආයතනයේදී අද (20) පැවසීය.
පළාත් පාලන නිර්ණය කොමිසමේ වාර්තාව පමාවීම නිසා මෙම ඡන්දය කල් ගිය බව දැනගන්නට ඇත.
තමාට ජනපති පදවියට පත්වීමට හැකිවූයේ අකුරැස්ස තංගල්ල පළාත් හි ප්‍රාදේශීය සභාපතිවරුන් හා ඇතැම් මන්ත්‍රීවරුන් කළ නොමනා ක්‍රියා නිසා යැයි ජනපති කියා සිටියේය.
‘මම ගිය රජයෙන් ඉවත් වූයේ අගමැතිකම නොලැබුණු නිසා යැයි ප්‍රචාරයක් ගෙන යනවා. මගේ ඉවත් වීමට හේතුව එය නොවේ. ගිය රජය කළ වැරැදි හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ඉවසා සිටින්නට මට බැරි වුණා. ඒකයි මම ගිය රජයෙන් ඉවත් වුණේ‘