දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී පැවැසීය. දේශපාලන අධිකාරිය නොමැති කමින්, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල සේවාවන් දුර්වල වී ඇතැයිද කි ජනාධිපතිවරයා කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් වත් ගතවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

