ඉදිරි පළාත් පාලන මැතිවරණයට දින නියමවන්නේ පළාත් පාලන කොට්ඨාශ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) එම්.එම්.මොහොමඩ් මහතා අද කළුතර දී කීවේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මැතිවරණ වාර්තාකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පවත්වන වැඩමුළුවක දී ඔහු එසේ කීවේය.
2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව සකස්කැර ඇති ඒ ඒ කොට්ඨශ පිළිබඳ වූ ගැසට් නිවේදනය ප්‍රකාශ කරණ තුරු මැතිවරණය පැවැත්විය නොහැකි බව ද අතිරේක කොමසාරිස්වරයා පවසයි.
පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශිත කිරීමේ අයිතිය මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාවේ පිළිගන්නා බවත් එම අයිතිය තහවුරු කිරීමට සකස්කරණ ඡන්ද හිමි නාම ලේඛණය පාසල් සඳහා දරුවන් ඇතුලත් කැර ගැනීමේ නීතිමය ලියවිල්ලක් ලෙස යොදා ගැනීම බරපතල වරදක් බවත් මොහොමඩ් මහතා පැවසීය.
‘‘අපි හදන ඡන්ද හිමි නාම ලේඛණය පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමේ නිර්ණායකයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යොදා ගැනීම ලොකු වරදක්. ඒ වරද කරන්න එපා කියා දැන් වසර ගණනාවක සිට අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඡන්දානන්ද සිල්වා මහතා කටයුතු කරණ කාලයේත් මේ බව කීවා. නමුත් ඔවුන් දිගින් දිගටම මේ වරද කරණවා. ගෘහ මූළික ලේඛණය අහෝසි වී යාම නිසා පුද්ගලයන්ගේ පදිංචිය තහවුරු කරගැනීමට ඡන්ද හිමි නාම ලේඛණය යොදා ගත්තත් එය වරදක්. “


