පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක්


 (ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)

‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05) දින සවස 03:00 ට මිලානෝ නගරයේ පෙළපාළියක් හා පසුව මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ.

මිලානෝ පියස්සා ලීමා( Metropolitana Lima ) ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිත විරෝධතා පෙළපාලිය ප්‍රධාන දුම්රිය ඉදිරිපිට පැමිණීමට නියමිතව ඇත.