(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය.
එසේම මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා විසින් තීන්දු කර ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් මේ බව අද දැනුම් දුන්නේය.
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ලක් කෙරිණි.