හොරණ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් මත් කුඩු විකුණමින් සිටි සිල්ලර කඩ හිමියෙක් පානදුර වලාන දූෂණ මර්දන මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු පැකට්ටුව රුපියල් 500 ගණනේ අලෙවි කර ඇති ඔහුගේ ඉලක්කය පාසල් සිසුන් බව ද, මිලි ග්‍රෑම් දහසකට වැඩි හෙරොයින් සොයා ගත් බව ද පොලිසිය පවසයි.
ඔහුගෙන් කුඩු ගන්නට ආ 20 හැවිරිදි තරුණයකු කඩ තුනක හිමිකරුවකු බවත්, ඔහු දිනකට රුපියල් දහසක කුඩු මිලට ගන්නා බවත් පොලිසිය කියයි.
කුඩුවලට මීපාසානම්, සමර වැනි ද්‍රව්‍යයද එකතු කරන්නන් බොහෝ සිටිතියි කියති.

