ත්‍රිරෝද රියක් පැද වූ පොලිස් කොස්තාපල්වරලයකුට හොරණ දී පහර දුන්නැයි සැකපිට අනුරාධපුර සාලියපුර කඳවුරේ කර්නල්වරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන කොස්තාපල්ට හොරණ ඇතුල් පාරක දී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද, ඔහු රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
කොස්තාපල් පොලිසියට පවසා ඇත්තේ තමා පැදවූ ත්‍රීරෝද රියේ යාන්ත්‍රික දෝෂයක් නිසා පණගැන්වීම පමා වූ බවත්, පසුපදින් පැමිණි කාරයක් එක්වරම ඉස්සර කර එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත් ය.

