2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෙළා දැකීම සඳහා සංවිධානය කළ විරෝධයකදී පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි නව වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක චමිල් ජයනෙත්තිට එරෙහිව පැවරූ නඩුව අද විභාගයට ගත්තේය.
උප පොලිස් පරීක්ෂක ඛාන් සමන්ත මහතා පැවසූයේ ජයනෙත්ති එම කොස්තාපල්ගේ නිල ඇඳුමින් ඇද්ද බවයි.
තමා එම සිද්ධිය වීඩියෝ ගත කළ බවත්, ජයනෙත්ති ඒ අවස්ථාවේ රවි කරුණානායක, තිස්ස අත්තනායක, රවුෆ් හකීම් හා නව වාමාංශික පෙරමුණු නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමග සිටි බවත් ඔහු කීවේය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් වැඩිදුර විභාගය ජූනි 14 දක්වා කල් තැබිණි.