පීසී කුඩු සමග අල්ලයි


පෑලියගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු සහ ඔහුගේ සගයා දොම්පේ කටුලන්දේදී හොරොයින් කුඩු පැකට් හයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොස්තාපල් ළඟ මිලිග්‍රෑම් 270ක් ද, සගයා ළඟ මිලි ග්‍රෑම් 30ක් ද තුබූ බවත්, කැලණියෙන් මේ කුඩු ගෙන එන්නට ඇත්තේ විකිණීමට යැයි පොලීසිය සැක කරයි.

ගිණිකූරු තුඩක කුඩු පැකට්ටුවක් රුපියල් 270ක් බවත්  සාම්බ්‍රාණි, මී පාසානම් හා කපුරු ආදිය ද කුඩු වලට කලවම් කරතියි කියති.

සැකකරුවන් අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ කොට්ඨාම භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපෙස් පරිදි ඉදිරි විමර්ශන සිදු කැරෙයි.